ලියූ කවි සිය ගනනක්, ගේයපද,මගේ ගායනා
මගේ තනු නිර්මාණපුනරාගමනය නමින් මා එකතු කලා..
මෙතැනට පිවිස (පහළ ඡායාරූපය මත ක්ලික් කොට)
පුනරාගමනයට යත හැකියි.
නිමක් නැති සසරේ ඉමක් සොයා
ජීවිතයට සැප දුක් වේදනා ලබා දෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි. කර්මයට යටත් නොවන අයෙකු විශ්වයේ කොතැනකවත් නැත. ජාති, කුල, ආගම්, පක්ෂ භේදයකින් තොරව කුමන තරාතිරමක අයෙකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා.
සමාජයේ අපට මුණ ගැහෙන විවිධ චරිත විවිධයි විෂමයි.
ලෝක ස්වභාවය එයයි. “නානත්ත කායා නානාත්ත
සංඥා“ විවිධ මනෝභාවයන්ගෙන් යුක්තයි. මේ ලිපියෙන්
කතාකරන කෙනා පිළිබඳව වටහාගෙන එවන් අයගෙන්
ප්රවේසම් වන්නටත්,තමා එවැනි අයෙක් නම් ඒ වංචාකාරී බවින් මිදී උතුම් අයෙක් වන්නටත් උපකාරිවන ධර්මයෙහි සූත්ර දේශණා ගනනාවක සඳහන් කරුණු තිබෙනවා.
ලෝකයේ එදාද අදද හෙටද මිනිසුන් විවිධය විෂමය. ඔවුන්
විවිධ දෘශ්ඨීන් ගෙන් මතිමතාන්තර වලින් මත්ව හැමදාමත්
කටයුතු කරන්නේ. ඔවුන් ධනය, බලය, උගත්කම,
ප්රසිද්ධිය , රූප සම්පත්තිය, පරිවාර සම්පත්තිය, දේපල
වස්තු සම්පත්තිය, උඩඟුකම සහ නූගත්කම මෝඩකම
අවිද්යාව වැනි දේ නිසා දැඩි මාන්නයකින් පත්ව සිටිති.